බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට විශේෂ ආධාර පැකේජයක්
2023 July 12- Page Views : 1187
යුක්‍රේනයේ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සංවර්ධන කටයුතු වෙනුවෙන් විශේෂ ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරිමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත.
එය, ඩොලර් මිලියන 64කට අධික වටිනාකමකින් යුත් ආධාර පැකේජයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අමතර ව යුක්‍රේනයේ දැනට පවතින යුධ උපකරණ අලුත්වැඩියා කටයුතු සදහා මුල්‍ය පහසුම් ලබාදීමට ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් එකඟතාව පළ කර ඇති බව සඳහන් වෙයි.
එමෙන්ම G7 රටවල මැදිහත් වීම මත තවත් යුධ උපකරණ සහ සන්නද්ධ රථ වාහන 70ක් යුක්‍රේනයට ලබාදීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරයි.