හැට්ටේ අස්සේ සර්පයින් සඟවා පැමිණි කතක් අල්ලයි
2023 July 12- Page Views : 1187
කාන්තාවක් තම හැට්ටයේ පණ ඇති සර්පයන් 5 දෙනකු සඟවා ගනිමින් චීනයේ ගුවාන්ග් ඩොන්ග් පළාතේ ෆූෂියාන් වරායෙන් හොංකොං නගරය බලා පිටත් වීමට උත්සාහ කිරීමේදී ශෙන්සෙන් රේගු බලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
අමුතු ශරීර හැඩයක් ඇති සංචාරක කාන්තාවක් ෆූෂියාන් වරායේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වන අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ නෙත් ගැටී තිබේ.
අමුතු ශරීර හැඩයක් තිබීම හේතුවෙන් රේගු නිලධාරීන් මෙම කාන්තාව පරික්ෂා කර ඇති අතර එහිදී කාන්තාව සිය පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටි පණ ඇති සර්පයන් 5 දෙනකු රේගු නිලධාරීන් සොයා ගෙන ඇත.
කාන්තාවගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කර නැතත් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව රේගු නිලධාරීන් පවසා තිබේ.එසේම සර්පයින් පස් දෙනා අදාල බලධාරීන් වෙත භාර දීමටද රේගු නිලධාරීන් කටයුතු කර ඇත.