WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ධවල මන්දිරය අසල බිහිසුණු අනතුරක්

2023 July 13- Page Views : 1187

ධවල මන්දිරය අසල තිබූ වාහන පරීක්ෂා කරන මුර කපොල්ලක නවත්වන ලෙස අණ කළ මෝටර් රථයක් පදික මාරුවක ගමන් කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු හප්පා ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් විසින් එම මුර කපොල්ල පිහිටුවා තිබේ.

කල් ඉකුත්වූ ලියාපදිංචි අංකයක් සහිත අදාළ මෝටර් රථය එහි නවත්වන ලෙස අණ කළ විට එය නවත්වා ඇති අතර, නිලධාරීන් එයට ළඟා වනවිට රියදුරා නැවතත් වාහනය පණ ගන්වා පදික මාරුවේ සිටි පුද්ගලයන්ව අනතුරට ලක්කරමින් ධාවනය කර තිබිණි.

අනතුරෙන් පසු රියදුරා පළාගොස් ඇති අතර, ඔහුව සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙම ක්‍රියාව හේතුවෙන් එක අයෙක් මියගොස් ඇති අතර, ගැහැණු දරුවෙක් ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා තිබිණි..

ධවල මන්දිරය අසල 2022 දෙසැම්බර් මාසයේදී ද මෙවැනිම සිද්ධියක් වාර්තා විය.