ඔස්ට්‍රේලියාවට පළමුවරට මහ බැංකු අධිපතිවරියක්
2023 July 14- Page Views : 1187
ඔස්ට්‍රේලියානු නව මහ බැංකු අධිපති ලෙස පළමු වරට කාන්තාවක් පත්කර තිබේ.
හිටපු මහ බැංකු අධිපතිවරයා ඔස්ට්‍රේලියානු රජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමෙන් අනතුරුව ධුරයෙන් ඉවත්වු අතර එම තනතුරු පුරප්පාඩුවී පැවැතුණි.
ඒ අනුව එරට 9 වැනි මහ බැංකු අධිපති ලෙස මිචෙල් බියුලොක් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය ඔස්ට්‍රේලියානු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරිය ලෙස කටයුතු කර ඇති අතර වසර 63ක ඔස්ට්‍රේලියානු මහ බැංකු ඉතිහාසයේ කාන්තාවක් අධිපති ධුරයට පත්වු පළමු අවස්ථාව මෙය වෙයි.