WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැග්නර් කුලී හේවායන් බෙලරුස් වෙත පැමිණ ඇති බව යුක්‍රේනය තහවුරු කරයි

2023 July 16- Page Views : 1187

වැග්නර් කුලී හේවායන් රුසියාවේ සිට බෙලරුස් දක්වා පැමිණ ඇති බව යුක්‍රේනයේ දේශසීමා ආරක්ෂක සේවය State Border Guard Service (DPSU) තහවුරු කර ඇත.

දැනට බෙලරූස් තුළ වැග්නර් භටයන් කී දෙනෙක් සිටිනවාද හා ඔවුන්ගේ ගමන් මාර්ග, ඉලක්ක ආදිය තක්සේරු කරමින් සිටින බවද දේශසීමා ආරක්ෂක සේවය සඳහන් කරයි.

ආරංචි මාර්ග මඟින් බීබීසී වෙත පවසා ඇත්තේ, සෙනසුරාදා අලුයම වැග්නර් රථ 60ක පමණ පෙළක් දේශ සීමාව හරහා බෙලරුස් වෙත ගමන් කළ බවය.

ජුනි මාසයේදී වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අධිකාරියටද අභියෝග කළ අතර, පැය 24ක ගනුදෙනුවකින් පසු කැරැල්ල අවසන් විය.

ඔවුන් යුක්‍රේනයේ අගනුවර අල්ලාගෙන පසුව මොස්කව් වෙත ගමන් කළ අතර, මෙම සිද්ධිය පිළිබඳ ලෝකයේ අවධානය දැඩි වන්නට විය.

රුසියාව සමඟ දැනට පවතින ගිවිසුමට අනුව, වැග්නර් භටයන්ට සාමාන්‍ය රුසියානු හමුදාවට බැඳීමට හෝ රුසියාවේ සමීප මිතුරෙකු වන බෙලාරුස් වෙත යා හැකි බවද සඳහන්ව ඇත.

වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින්ද බෙලරුස් වෙත යාමට තීරණය කර තිබුණු නමුත් ඔහු දැනට සිටින ස්ථානය සොයාගෙන නැති බව වාර්තා වෙයි.