WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ස්පාඤ්ඤයේ ලැව්ගිනි තීව්‍ර වෙයි

2023 July 16- Page Views : 1187

ස්පාඤ්ඤයේ ලැව්ගිනි හේතුවෙන් එරට පුද්ගලයන් 2,500කට වැඩි පිරිසක් සිය ප්‍රදේශවලින් ඉවත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා ක‍රන්නේ, ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලා පල්මාහි මෙම ලැව්ගිනි ඉතා තීව්‍ර ලෙස පැතිරෙමින් පවතින බවයි.

ගින්නෙන් ස්පාඤ්ඤයේ මේ වනවිට කැනරි දූපත් ආශ්‍රිතව හෙක්ටයාර් 4500ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇත.

ගිනි නිවන භටයන් 300ක් පමණ ගුවන්යානාවල සහාය ඇතිව ගින්න නිවීමේ මෙහෙයුම්වල නිරතව සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ස්පාඤ්ඤයේ පසුගිය වසරේ ලැව්ගිනි 500ක පමණ ප්‍රමාණයක් හටගෙන තිබූ අතර, ඉන් හෙක්ටයාර් ලක්ෂ 3කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ විය.