WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෙන්ජමින් නෙතන්යාහු හදිසියේ රෝහල්ගත කෙරේ

2023 July 16- Page Views : 1187

උෂ්ණාධික කාලගුණය හේතුවෙන් ඇතිවූ රෝගී තත්ත්වයක් මත ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රෝහල්ගත කර තිබේ.

එරට ගැලිලේ ප්‍රදේශයේ සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගත කරමින් සිටියදී 73 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා මෙලෙස රෝගී වී ඇති බව සඳහන්ය.

ඒ අනුව විජලන තත්ත්වයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා එරට ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව රෝහල් බලධාරීන් සඳහන් කර තිබේ.

ඊයේ (15) දිනයේ තමා දැඩි ලෙස හිරු එළියට නිරාවරණය වූ බවත් හිස්වැසුමක් හෝ පැළඳ නොසිටීම හේතුවෙන් මෙලෙස රෝගී තත්ත්වයට පත්වන්නට ඇති බවත් රෝහලේ සිට ප්‍රකාශයක් සිදුකර බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබුණි.