කොංගෝ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් 11ක් මරුට
2023 July 17- Page Views : 1187
ඊසානදිග කොංගෝවේ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ.
එම්.23 නමින් හඳුන්වන කැරලිකාර කණ්ඩායමක් විසින් එරට ගම්මාන කිහිපයකට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරවලින් එම පුද්ගලයින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම කැරලිකාර කණ්ඩායම අසල්වැසි රුවන්ඩාවට සම්බන්ධකම් ඇති බවට කොංගෝ බලධාරීන් චෝදනා කරන අතර රුවන්ඩාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් හේතුවෙන් කොංගෝව තුළ මිලියන 5.5ක ජනතාවක් අවතැන් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.