WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජේම්ස් වෙබ් දුටු ‘තරු තොටිල්ල’

2023 July 17- Page Views : 1187

ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මේ වර්ණවත් ඡායාරූපයෙන් දිස්වන්නේ, අපේ හිරු වැනි තරු උපත ලබන වලාවකි. නාසා විද්‍යාඥයන් මෙම ස්ථානය හඳුන්වා දී ඇත්තේ ‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex යන නමිනි.

පෘථිවියට ආසන්නයෙන්ම ඇති තරු උපදින ස්ථානය මෙය යැයි ද පැවැසෙයි. සෞරග්‍රහ මණ්ඩලය වැනි තාරකා මණ්ඩල නිර්මාණය වන්නේ මෙවැනි වලාවලිනි.

රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex ඇත්තේ ආලෝක වර්ෂ 400 ක් පමණ ඈතිනි