චීනයේ තරුණ විරැකියාව ඉහළට
2023 July 17- Page Views : 1187
චීනයේ තරුණ විරැකියා අනුපාතය ඉහළ ගොස් තිබේ.
ජුනි මාසයේ චීනයේ තරුණ විරැකියා අනුපාතය 21.3% ක් ලෙස සටහන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව එරට අවුරුදු 16ත් 24ත් අතර තරුණ පිරිසෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු රැකියා විරහිත පුද්ගලයෙකු බව පෙන්වා දී ඇත.
චීනයේ නාගරික විරැකියා අනුපාතය 5. 2% ක් බව ද වාර්තා වේ.