WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පලස්තීන දරුවාගේ ජීවිතය බේරාගැනීමට ඊශ්‍රායල වෛද්‍යවරුන් සිදුකළ විශ්වකර්මය

2023 July 17- Page Views : 1187

රිය අනතුරක් හේතුවෙන් කශේරුකාවෙන් අභ්‍යන්තරව වෙන්වූ හිසක් නැවතත් බද්ධ කරමින් විස්මිත සැත්කමක් සාර්ථකව නිම කිරීමට ඊශ්‍රායල වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම සැත්කමට මුහුණ දුන්නේ සුලෙයිමාන් හසන් නම් 12 හැවිරිදි පලස්තීන දරුවෙකි.

සිය පාපැදිය මෝටර් රථයක ගැටීමෙන් අනතුරුව දරුණු තුවාල ලැබූ හසන්ව ගුවන් මගින් රෝහල් ගතකර තිබූ අතර වෛද්‍යවරුන් එහිදී මෙම සැත්කම සිදුකර තිබුණි.

පැය ගණනාවක් පුරා සිදු කෙරුණු සැත්කමෙන් පසුව වුව ද හසන්ගේ ජීවිතය බේරාගත හැකි වේද යන්න පිළිබඳ ව තිබී ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකි.

කෙසේ වුව ද මේ වනවිට ඔහු වෛද්‍ය අධික්ෂණය යටතේ සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නමුත් වෛද්‍යවරුන් පවසන්නේ දරුවා ගේ තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් විමසිල්ලෙන් සිටින බවය.