WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මහ මුහුදේ අතරමං වූ ෂැඩොක් සොයාගනී

2023 July 17- Page Views : 1187

මාස දෙකක පමණ කාලයක් පැසිපික් සාගරයේ අතුරුදන්ව සිටි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සහ ඔහුගේ සුනඛයා මුදාගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ පසුගිය අප්‍රේල් මාසයේ මෙක්සිකෝවෙන් ප්‍රංශ පොලිනීසියා දූපත් වෙත ගමන් කරමින් සිටි අදාළ යාත්‍රාවේ ඉලෙක්ට්‍රෝනික පද්ධතිය සති කිහිපයකට පසු බිඳ වැටී ඇති බවය.

ඒ අනුව නිසි මාර්ගය සොයා ගත නොහැකිව අදාළ පුද්ගලයාගේ යාත්‍රාව මුහුදේ අතරමංව තිබේ.

එම කාලය තුළ මසුන් ආහාරයට ගෙන ඇති එම පුද්ගලයා වැසි වතුර පානය කර ඇති බව වාර්තා වෙයි.

ට්‍රෝලර් යාත්‍රාවක් මගින් එම පුද්ගලයා සහ සුනඛයා මුදාගෙන ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසා තිබේ.