තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නංගි මරුට
2023 July 18- Page Views : 1187
අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ තුන් හැවිරිදි සහෝදරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ නැගණිය මියගොස් තිබේ.
අදාළ දරුවා විසින් ගිනිඅවියක් අනාරක්ෂිත ලෙස භාවිත කිරීමේ දී අත්වැරදීමකින් එය ක්‍රියාත්මක වී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදී අවුරුද්දක් වයසැති ඔහුගේ නැගණියට වෙඩි වැදී ඇති අතර පසුව ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.