අයහපත් කාලගුණයෙන් දකුණු කොරියාවට දැඩි බලපෑම්
2023 July 18- Page Views : 1187
දකුණු කොරියාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අද දින වන විට පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් තිබේ.
එමෙන්ම පුද්ගලයින් 09 දෙනෙකු මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මාර්ග බොහෝමයක් ජලයෙන් යට වී ඇති අතර ගමනාගමන කටයුතුවලට ඉන් දැඩි බාධා එල්ල වී තිබේ.