WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නෙදර්ලන්ත රූ රැජින තරගයේ දී පෙරළියක්

2023 July 19- Page Views : 1187

මෙවර නෙදර්ලන්ත රූ රැජින කිරුළ දිනාගැනීමට සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක් සමත් වී තිබේ.

ඒ අනුව ඇයට මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් හිමිවුණි.

22 හැවිරිදි නෙදර්ලන්ත නිරූපිකාවක් වන රිකී වැලරි කෝලේ මෙවර නෙදර්ලන්ත රූ රැජින කිරුළ දිනාගැනීම මුළු ලෝකයේ ම වැඩි අවධානයක් යොමු වුයේ, ඇය සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වීම හේතුවෙනි.

ඒ අනුව රිකී නෙදර්ලන්ත රූ රැජින කිරුළ හිමිකර ගත් එරට පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව බවට පත් ව තිබේ.

රිකී වැලරිගේ මෙම ජයග්‍රහණයත් සමග ඇය මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා සුදුසුකම් හිමිකර ගත්තේය.

ඒ අනුව ඇය ලෝක රූ රැජින කිරුළ හිමිකර ගතහොත් ඇය එම කිරුළට හිමිකම් කියූ පළමු සංක්‍රාන්ති ලිංගික කාන්තාව බවට පත්වනු ඇත.

නෙදර්ලන්ත රූ රැජින බවට පත් වීමෙන් පසු අදහස් දැක්වූ රිකී පවසා ඇත්තේ ලෝක රූ රැජින තරගාවලියට එක් වීම සඳහා ඇය නොඉවසිල්ලෙන් පසුවන බවය.

එමෙන්ම ජයග්‍රහණයෙන් පසුව ඇයට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිචාර ද හිමි වූ බව ඇය පවසා තිබේ.

ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ, සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් ලෙස ඇයට අභියෝග රැසකට ද මුහුණදීමට සිදු වූ බවය.