WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ඉන්දියාවෙන්

2023 July 19- Page Views : 1187

ඉන්දියාවේ ගුජරාට් හි ගොඩනැගිල්ලක් ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට එක් ව තිබේ.

ඒ වසර 80 ක් පුරා ලොව විශාලතම කාර්යාල ගොඩනැගිල්ල ලෙස පෙන්ටගනය සතුව පැවති වාර්තාව බිඳ දමමිනි.

දියමන්ති වෙළෙඳ මධ්‍යස්ථානයක් වන සූරට් ඩයමන්ඩ් බෝර්ස් නම් මහල් 15කින් යුතු මෙම ගොඩනැගිල්ල අක්කර 35ක වපසරියක පැතිර පවතී.

එසේම මෙහි දියමන්ති ආශ්‍රිත ආභරණ නිපදවීම හා සම්බන්ධ වෘත්තිකයින් 65,000 ඉක්ම වූ පිරිසක් සේවය කරන බව සඳහන්ය.

වසර 4ක කාලයක් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණු අතර එළැඹෙන නොවැම්බර් මාසයේ දී අගමැති මෝදි අතින් මෙය විවෘත කිරීමට නියමිතය.