පිටාගේ පාර්ලිමේන්තු අසුන තාවකාලිකව අත්හිටුවයි
2023 July 19- Page Views : 1187
තායිලන්ත මහ මැතිවරණය ජයග්‍රහණය කළ පිටා ලිම්ජාරොන්රාට්ගේ පාර්ලිමේන්තු ආසනය එරට ආණුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මඟින් තාවකාලිකව අත්හිටුවා ඇත.
මේ හේතුවෙන් අගමැති වීම සඳහා ඔහුට තිබූ කුඩා ඉඩකඩ ද ඇහිරෙමින් පවතින බව විචාරකයෝ පවසති.
තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, "මූව් ෆෝවඩ් පක්ෂ" නායකයාට එරෙහි නඩුවක් විභාග කිරීමට එකඟවීමෙන් අනතුරුවය.
මාධ්‍ය සමාගමක කොටස් හිමිකාරිත්වය නිසා පිටාගේ පාර්ලිමේන්තු අසුන අභියෝගයට ලක්ව ඇති අතර, යම් ආකාරයකින් ඔහුට නැවතත් පාර්ලිමේන්තු ආසනය හිමි වුවද අගමැති ධුරය සඳහා පත්වීම ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකය.
පිටාගේ පාර්ලිමේන්තු අසුන පිළිබඳ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් ගැනීමට නියමිත අතර, ඉනික්බිති ඔහුගේ අගමැති ධුරය සෙනෙට් ඡන්ද මත තීරණය වෙයි.
අගමැති ධුරය සඳහා පිටාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මන්ත්‍රී මණ්ඩල දෙකෙහි ඡන්ද 749න් අඩක් ලබා ගත යුතු වන අතර, පසුගිය සතියේ ඔහුට ලබාගැනීමට හැකිවුණේ, ඡන්ද 324ක් පමණි.
එය අවශ්‍ය ඡන්ද ගණනට වඩා ඡන්ද 51ක අඩු ප්‍රමාණයකි.
කෙසේ වෙතත් තායිලන්ත පාර්ලිමේන්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් නොවන ඉහළ මන්ත්‍රී මණ්ඩලය පත්කර ඇත්තේ මීට පෙර පැවති පාලනය විසිනි.
එහි බහුතරයක් හමුදා පාලනයට ලැදි අය වෙති.
2006 දී ඇතිවූ හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව ස්ථාපනය කළ මෙම ඉහළ මන්ත්‍රී මණ්ඩලය, මිලිටරිය හා රාජකීයත්වය අභියෝගයට ලක් වන අවස්ථාවල දී පළිහක් ලෙස ක්‍රියාත්මක වන ආකාරයට නිර්මාණය කර ඇත.
2008 පසු අගමැති පදවිය සඳහා ඉදිරිපත්වූ තිදෙනෙක්ව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් ක්‍රියා කළේය.
පිටාට එරෙහිව ඇති එක් චෝදනාවක සඳහන් වන්නේ, රාජාණ්ඩුව විවේචනය කරන්නන් සිය ගණනක් සිරගත කරනු දැක ඇති Lese-majeste නීති සංශෝධනය කිරීමේ මූව් ෆෝවඩ්හි යෝජනාව, තායිලන්තයේ සමස්ත දේශපාලන සංදර්භයම පෙරළා දැමීමේ උත්සාහයකට සමාන බවය.
පිටා සිය සහාය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, තායිලන්ත ජනතාවට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ යහපත් කාර්‍යයක් ඉටු කරන ලෙසය.
එසේම මැයි 14 වනා දායින් පසු තායිලන්තය වෙනස් වී ඇති බවත් ජනතාවට දිනා ගැනීම සඳහා තවත් බොහෝ දේ ඇති බවත් ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත් දශකයකට ආසන්න කාලයක් තායිලන්තයේ ඇති ගතානුගතික හමුදා පාලනය පෙරළා දැමීම සඳහා තායිලන්ත තරුණ ප්‍රජාව දිගින් දිගටම පිටාට සහාය දැක්වීය.