WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්තයෙත් වෙඩිතැබීමක්

2023 July 20- Page Views : 1187

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔක්ලන්ඩ්හි පැවැත්වීමට නියමිත කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පැයකට පමණ පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර පොලිස් නිලධාරියෙකු ද ඒ අතර වන බව සඳහන් ය.

කෙසේවෙතත් අදාළ වෙඩිතැබීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන අතර පාපන්දු තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙනු ඇති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කර ඇත.