WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානී තනතුරට කාන්තාවක්

2023 July 22- Page Views : 1187

අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.

අද්මිරාල් ලීසා ෆැන්චේටී මෙම තනතුර සඳහා යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය අමරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාව විසින් තහවුරු කළ යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පත්කිරීමට සෙනට් සභාව අනුමැතිය ලබාදුන හොත් අද්මිරාල් ලීසා ෆැන්චෙටී අමෙරිකාවේ ආරක්ෂක අංශ ප්‍රධානියකු වූ පළමු කාන්තාව ලෙස සැලකිය හැකි බව සඳහන්ය.