WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංගලාදේශයේ බස් රථ අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

2023 July 23- Page Views : 1187

බංග්ලාදේශයේ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තිබේ.

බංග්ලාදේශයේ චත්ත්‍රකන්ද ප්‍රදේශයේදී බස් රථය පොකුණකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර ළමුන් තිදෙනෙකුද වන බව සදහන්ය.

අනතුරින් තවත් පුද්ගලයන් 35 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇත.

බස්රථයේ ධාරිතාව ඉක්මවා මගීන් ගෙනයාම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 60 දෙනෙකුට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.