ජපානයේ දුම්රියක් තුළ පහරදීමක්
2023 July 23- Page Views : 1187
ජපානයේ දුම්රියක් තුළ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
පහරකෑමට ලක්ව ඇත්තේ දුම්රිය කාර්යය මණ්ඩල නිලධාරියෙකු සහ මගීන් දෙදෙනෙකි.
කෙසේවෙතත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයා ජපාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කුමන හේතුවක් මත මෙම පහරදීම සිදුකළේ ද යන්න පිළිබඳ අනාවරණය වී නොමැති බව ආරක්ෂක අංශ පවසයි.