චීනයේ ගොඩනැගිල්ලක මුළු වහල ම කඩාවැටෙයි
2023 July 24- Page Views : 1187
චීනයේ පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාගාරයේ වහල කඩාවැටීමෙන් මේවන විට 11 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අධික වාර්ෂාවත් සමග මෙම අනතුර සිදුව ඇති බවය.
අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රීඩාගාරයේ 19 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කුඩා ළමුන් බව සඳහන් ය.
මේ වන විට අනතුර සම්බන්ධයෙන් අදාළ ගොඩනැගිල්ල භාරව සිටි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.