ගුවන් යානා අනතුරකින් 9ක් මරුට
2023 July 25- Page Views : 1187
සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුඩානයේ වෙරළබඩ නගරයක් වන පෝට් සුඩානයේ මෙම ගුවන් අනතුර සිදුව ඇති බවය.
අනතුරින් මියගිය අය අතර සුඩාන හමුදා නිලධාරීන් සිව්දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේවෙතත් අනතුරින් එක් දරුවෙකු දිවි බේරාගෙන ඇති බව සඳහන්ය.
ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යානය මෙලෙස කඩා වැටී අනතුර සිදුව තිබේ.