ජෝන් හොප්කින්ස් සරසවියේ නව ප්‍රධානියා ශ්‍රී ලාංකිකයෙක්
2023 July 25- Page Views : 1187
කීර්තිමත් ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයෙකු වන රේ.ජයවර්ධන මහතා අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ජෝන් හොප්කින්ස් සරසවියේ නව ප්‍රධානියා ලෙස නම් කර තිබේ.
යේල් සරසවියෙන් තාරකා විද්‍යා සහ භෞතික විද්‍යාව හැදෑරු ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන අතර සුර්යග්‍රහ මණ්ඩලවල විවිධත්වය, මූලාරම්භය සහ පරිණාමය පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකළ සම්මානීය විද්‍යා ලේඛකයෙකි.
නාසා ආයතනය උඩු ගුවනට යැවූ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ ග්‍රහලෝකවල ආලෝකය හා ගතිලක්ෂණ ග්‍රහණය කරන අධෝරක්ත වර්ණාවලි දර්ශකය නිර්මාණය කළ විද්‍යාඥ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද ඔහු හැඳින්වෙයි.