ඔබාමාගේ සුපවේදියා අවාසනාවන්ත ලෙස මරුට
2023 July 25- Page Views : 1187
අමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ විලක ගිලී අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර හමුවූ බව වාර්තා වෙයි.
ටෆාරී කැම්බල් නම් එම පුද්ගලයා එරට හිටපු ජනාධිපති බැරක් ඔබාමා ගේ පෞද්ගලික සුපවේදියා බවට කරුණු අනාවරණය වී තිබේ.
45 හැවිරිදි කැම්බල් එම විලෙහි විනෝද වෙමින් සිටින අතරතුර දියේ ගිලී ඇති අතර ඔහුගේ සිරුර සොයා ගැනීමට දින දෙකක් පමණ ගතවිය.
බැරක් ඔබාමා ගේ නිවස පිහිටා ඇත්තේ එම විල ආසන්නයේ ය.
කැම්බල් ධවල මන්දිරයේ සුප වේදියෙක් වශයෙන් සේවය කර ඇති අතර හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් 2016 වසරේදී ඉවත්ව යනවිට කැම්බල් හිටපු ජනපති ට සේවය කිරීම සඳහා ඔහුද ධවල මන්දිරයේ සේවයෙන් ඉවත් වී තිබුණි.