නයිජර් හි පාලනය හමුදාව යටතට
2023 July 27- Page Views : 1187
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන තිබේ.
එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව එරට තුළ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවාහැර සියලු ආයතන අත්හිටුවා ඇති බව නයිජර් හමුදා පවසයි.
මේ වන විට නයිජර්හි ජනාධිපති මොහොමඩ් බසූම් ඊයේ අලුයම ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව වාර්තා වේ.