WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෘත්‍රිම බුද්ධි​යන් හැදූ නිවේදිකාව ‘ලීසා’

2023 July 28- Page Views : 1187

පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ද ‘ලීසා’ නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර, ඇය මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇත.

ඔඩීෂා ප්‍රාන්ත වැසියන් ලීසා ගැන අදහස් දක්වමින් පවසා ඇත්තේ තම ප්‍රාන්තයේ පුවත් නාළිකාවක් කෘත්‍රිම බුද්ධි නිවේදිකාවක් නිර්මාණය කිරීම ගැන සතුට පළ කරන බවය. බොහෝ දෙනා පවසන්නේ තමන් පුවත් නරඹන්නේ, ලීසා සැබෑ නිවේදිකාවක් යැයි සිතමින් බවය.

‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ නාළිකාවේ කළමනාකාර අධ්‍යක්ෂ ජාගි මංගාත් පණ්ඩා පැහැදිලි කර ඇත්තේ, දියුණු නවීන තාක්ෂණය භාවිත කරමින් ලීසා නිර්මාණය කළ බවය.

කෘත්‍රිම බුද්ධි නිවේදිකාවන් එසේත් නැතිනම් AI නිවේදිකාවන් ඩිජිටල් පුවත්කරණය අලුත් මඟකට යොමු කරනු ඇති බව ද ජාගි මංගාත් පණ්ඩා පැහැදිලි කර තිබේ.

මේ වනවිට ඉන්දියාවේ තවත් ප්‍රාන්ත කීපයක පුවත් නාළිකා ද සැබෑ පුවත් නිවේදක නිවේදිකාවන් වෙනුවට කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය වුණු නිවේදක නිවේදිකාවන් යොදා ගනිමින් පුවත් ඉදිරිපත් කිරීම සිදුකරයි.

මෙය අනාගතයේ නිවේදක නිවේදිකාවන්ගේ රැකියාවට තර්ජනයක් වනු ඇතැයි ද බියක් හටගෙන ඇත.

‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ නාළිකාවේ ලීසා හඳුන්වා දීම සිදු කළේ එම නාලිකාවේ 25 වැනි සැමරුමට සමගාමීවය.