WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නයිජර් රාජ්‍යයේ පාලනය ගත්තේ කවුද ?

2023 July 28- Page Views : 1187

නයිජර් කැරැල්ලට සහාය දක්වන පිරිස, එරට බලයෙන් පහ කෙරුණු ජනාධිපති බසූම්ගේ ප්‍රධාන පක්ෂ කාර්යාලය ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබේ.

නයිජර් කැරැල්ලෙන් පසුව නයිජර් ජනාධිපති මොහොමඩ් බසූම් තවමත් පසු වන්නේ ජනාධිපති ආරක්ෂක අංශ අත්අඩංගුවේය.

මේ වනවිට කැරැල්ල සඳහා නයිජර් හමුදාවේ පූර්ණ සහාය හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කැරැල්ලට සහාය දක්වන පිරිස් විසින් බලයෙන් පහ කෙරුණු ජනාධිපති බසූම්ගේ ප්‍රධාන පක්ෂ මූලස්ථානයට ගිනි තබා ඇති අතර රථ වාහනවලට ද ගිනි තබා ඇත.

පක්ෂ මූලස්ථානය තුළ තිබූ භාණ්ඩ කොල්ලකා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැරැල්ලට සහාය දක්වන සිය ගණනක් එරට නියාමි අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිටට රැස්වී රුසියානු ධජය අතැතිව විරෝධතාවේ නිරතවී ඇති අතර ඔවුන් ප්‍රංශයට එරෙහිව විරෝධතාවේ නිරතවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවද රටේ පාලනය පවතින්නේ කවුරුන් යටතේ ද යන්න මෙතෙක් නිශ්චිත නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.

නයිජර් රාජ්‍යයේ අමෙරිකානු සහ ප්‍රංශ හමුදා කඳවුරු පිහිටා ඇති අතර මෙම කැරැල්ල එම රටවල මෙන්ම රුසියාවේ සහ එක්සත් ජාතීන්ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබේ.

නයිජර් කැරැල්ල 2020 වසරේ සිට බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ දියත් වූ 7 වන කැරැල්ලය.