යුරෝපා සංගමයෙන් නයිජර් රාජ්‍යයට ලබාදුන් සහන නවතයි
2023 July 30- Page Views : 981
නයිජර් රාජ්‍ය සමග පවතින ආරක්ෂක සහයෝගීතාව අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.
එරට හමුදාව විසින් ජනාධිපතිවරයා බලයෙන් පහකර රටේ බලය අත්කර ගැනීමට විරෝධය පළකරමින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම අයවැය සහන ලබාදීම ද නවතා දමන බව යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.
පසුගිය සිකුරාදා එරට ජනාධිපති බලයෙන් පහකළ ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියා ප්‍රකාශ කළේ එරට නායකයා වශයෙන් තමා කටයුතු කරන බවය.
කෙසේවුවද අමෙරිකාව, ප්‍රංශය සහ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් ඒකාබද්ධව ප්‍රකාශ කළේ නව නායකත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවය.
මේ අතර දින 15ක් තුළ තම කඳවුරු වෙත ගමන් කරන ලෙස අප්‍රිකානු සංගමය නයිජර් හමුදාවෙන් ඉල්ලීමක් කර තිබේ.