යුක්‍රේන ජනපතිගෙන් පුටින්ට අභියෝගයක්
2023 July 31- Page Views : 981
රුසියාවට යුද්ධය යළි පැමිණෙන බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.
මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ යුක්‍රේන ජනාධිපතිවරයා ,මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුක්‍රේන ජනපති පැවසුවේ රුසියානු භූමියට පහරදීම නොවැළැක්විය හැකි ස්වභාවික සහ සාධාරණ ක්‍රියාවලියක් බවය.
මේ වනවිට රුසියාව අභ්‍යන්තරයට එල්ලවන යුක්‍රේන ප්‍රහාර ඉහළ ගොස් ඇති අතර එම ප්‍රහාරවල වගකීම සෘජුවම භාර ගැනීමට ද යුක්‍රේනය ක්‍රියාකිරීම විශේෂත්වයකි.
යුද්ධය සති කිහිපයක් තුළ අවසන් වනු ඇතැයි රුසියාව අපේක්ෂා කළ ද එයට මේ වන විට දින 500කට අධික කාලයක් ගත වී ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.