පාකිස්තානයේ බිහිසුණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස ඉහළට
2023 July 31- Page Views : 980
පාකිස්තානයේ බාජූර් හී ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද දේශපාලන රැළියකට එල්ල වු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 44 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යා හැකි බව පාකිස්තාන සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.
විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත සංවිධානය හෝ ප්‍රහාරයේ අරමුණ තවදුරටත් තහවුරු වී නොමැති බවය.