සුඩානයේ ගුවන් ගමන් ගැන ගත් තීරණය
2023 July 31- Page Views : 984
සිය ගුවන් සීමාව වසා දැමීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට සුඩාන බලධාරීන් තීරණය කර තිබේ.
පසුගිය අප්‍රේල් මස මැද භාගයේදී සුඩාන හමුදා සහ කැරළිකරුවන් අතර හටගත් යුද ගැටුම් වලින් පසු සුඩාන ගුවන් කලාපය සාමාන්‍ය ගමනාගමනය සඳහා වසා දැමීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව ගුවන් සීමාව වසා දැමීමේ කාලය අගෝස්තු මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවුවද මානුෂීය ආධාර සහ පුද්ගලයින් ඉවත් කිරීමේ ගුවන් ගමන් වාර අඛණ්ඩව ක්‍රියාත්මක වන බවට සුඩාන බලධාරීන් සඳහන් කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.