WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවුන්සාන් සුකීගේ දඬුවම් කාලය අඩුවෙයි

2023 August 01- Page Views : 964

මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට එරෙහිව එරට හමුදාව විසින් එල්ල කර ඇති චෝදනා 19න් පහකට සමාව ලැබී තිබේ.

ඒ අනුව ඇගේ දඬුවම් කාලය වසර 33ක සිර දඬුවමක සිට වසර හයකින් අඩු කෙරෙනු ඇත.

පසුගිය සතියේ, අවුන්සාන් සුකී මහත්මිය සිරගෙදර සිට Nay Pyi Taw අගනුවර නිවාස අඩස්සියේ තබා තිබිණි.

78 හැවිරිදි නොබෙල් ත්‍යාගලාභී අවුන්සාන් සුකී, කුමන්ත්‍රණයක් හරහා සිය ධුරයෙන් නෙරපා දැමුණු පසු 2021 පෙබරවාරි මාසයේ සිට හමුදාව විසින් රඳවා තබාගෙන ඇත.

එම කුමන්ත්‍රණය රට තුළ සිවිල් යුද්ධයක් ඇති කළ අතර, දහස් ගණනකගේ මරණයට ද හේතු විය.

මිලිටරි ජුන්ටාව තම පාලනයට විරුද්ධ වූවන්ට එරෙහිව විශාල ප්‍රචණ්ඩත්වය මුදා හරින බවට විවිධ පාර්ශ්වයගෙන් චෝදනා එල්ල වී ඇත.

අවුන්සාන් සුකීට එරෙහිව ඇති චෝදනා, එරට හමුදා විසින් මෙහෙයවන ලද නඩු විභාගවලදී විභාග වූ ඒවා වන අතර, ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් මෙම නඩු විභාගයන් හෙලා දැක ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර, මිලිටරි ජුන්ටාව විසින් මේ වසරේ අගෝස්තු මාසය වන විට පැවැත්වීමට නියමිත වූ මැතිවරණය ද සඳුදා කල් දැමීය.