WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රිදී තිරය හැඩකළ සුපිරි වැඩකරු සමුගනී

2023 August 03- Page Views : 859

හින්දි සිනමාවේ බිහිවූ සුපිරි නිර්මාණ රැසක් හැඩකළ සුපිරි නිර්මාණකරුවෙකු ජීවිතයෙන් සමුගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ Nitin Desai නම් ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයාය.

මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවිය.

මුම්බායි හි Karjat හි පිහිටි ඔහුගේ ආයතනයේ තිබී ඔහුගේ මෘත දේහය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ Nitin Desai සියදිවි හානිකරගෙන මියගොස් ඇති බවය.

බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක් ඔහු විසින් කලා අධ්‍යක්ෂණයෙන් හැඩකර තිබීම විශේෂත්වයකි.

ඒ අතර ලෝකයම වැළඳගත් සුපිරි නිර්මාණ ලෙස Hum Dil De Chuke Sanam, Devdas, Jodha Akbar, Lagaan, Once Upon a Time in Mumbai හැඳින්විය හැකිය.

ඔහු සිව් වතාවක් හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි එරට ප්‍රමුඛතම සම්මානයක් වන ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔහු ණය අර්බුදයකට ලක්ව සිටි බවය.

මූල්‍ය ආයතනයක් වෙතින් ඔහු ලබාගෙන තිබූ ඉන්දීය රුපියල් කෝටි 200කට ආසන්න ණය මුදලක් ගෙවා දැමීම සම්බන්ධයෙන් ඔහු 2020 වසරේ සිට පීඩාවට පත්ව සිටි බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.