තායිලන්තයේ රිය අනතුරකින් 08 දෙනෙකු ජීවිතක්ෂයට
2023 August 05- Page Views : 863
තායිලන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් කැබ් රථයක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, කැබ් රථය දුම්රිය හරස් මාර්ගයට ළඟා වන විට දුම්රිය රියදුරු අනතුරු ඇඟවීමේ නළාව නාද කර ඇති නමුත් කැබ් රථයට එය නතර කර ගැනීමට නොහැකි වී ඇති බවය.
අනතුරින් මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු වන බව සඳහන්ය.
අනතතුරින් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.
අනතුරට මඳ වේලාවකට පෙර කැබ් රථයෙන් එළියට පැන දිවි ගලවා ගත් 20 හැවිරිදි තරුණයෙකු පවසා ඇත්තේ, වාහනය හරස් මාර්ගයෙන් ගමන් කළ හැකි යැයි ඔවුන් සිතූ නමුත් පසුව මීටර් කිහිපයක් දුරින් දුම්රිය දුටු බවය.