හවායි ඛේදවාචකයෙන් මියගිය ගණන 89 දක්වා ඉහළට
2023 August 13- Page Views : 865
හවායි දූපතේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් මියගිය ගණන 89 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.
ලැව්ගිනිවලට ගොදුරු වූවන් සෙවීම සඳහා හවායි වෙත අතිරේක විශේෂඥ සහාය ද යොදවා ඇති අතර, ගලවා ගත් පුද්ගලයන් වෙනුවෙන් වෛද්‍ය කටයුතු ද අඛණ්ඩව සිදුකෙරෙන බව වාර්තා වෙයි.
කෙසේවෙතත්, මියගිය පුද්ගලයන්ගේ ගණන තවත් ඉහළ යා හැකි බව වාර්තා වන අතර, හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් සෙනසුරාදා ප්‍රකාශ කර තිබුණේ, මියගිය ගණන ඉදිරි දිනවල දී සැලකිය යුතු ලෙස ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බවයි.
තවමත් පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බව ද වාර්තා වෙයි.
ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් සඳහන් කරන්නේ, මෙම ආපදාව යනු, හවායි දූපත මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වාභාවික විපත වන බවයි.