රුසියානු මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයන් 07ක් ජීවිතක්ෂයට
2023 August 13- Page Views : 863
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් 67 දෙනෙකු තුවාල ලබා තිබේ.
නැගෙනහිර යුක්‍රේනයේ පොක්‍රොව්ස්ක් නගරයේ මහල් නිවාස සහිත ගොඩනැගිලි, පරිපාලන ගොඩනැගිලි, හෝටල් සහ වෙළෙඳසල් පිහිටි ප්‍රදේශයක් වෙත මෙම මිසයිල ප්‍රහාර දෙක එල්ල වී ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයෙන් මියගිය අය අතර ඉහළ පෙළේ නිලධාරීන් ද වන බව සඳහන්ය.
ඩොනෙට්ස්ක් කලාපයේ යුක්‍රේන හමුදා පරිපාලනය ප්‍රකාශ කළේ, විනාශ වූ මහල් 05කින් සමන්විත ගොඩනැගිල්ලක සිරවී සිටින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි.