WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරානයේ දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

2023 August 14- Page Views : 865

ඉරානයේ ෂිරාස් නගරයේ දේවස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දේවස්ථානයට ඇතුළු වු තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩිතැබීම සිදුකළ ත්‍රස්වාදීන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වන විට එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා පළා ගොස් ඇති බව සඳහන්ය.

මේ වන විට ප්‍රහාරය එල්ල වු ප්‍රදේශයේ වෙළෙඳසැල් සියල්ල වසා දමා ඇති අතර නගරයට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.