ඇමෙරිකාව බය කරන ඒරිස්
2023 August 15- Page Views : 865
ලබන මාසයේදී අමෙරිකාවේදී නවතම කොවිඩ් එන්නතක් එළිදැක්වීමට නියමිතය.
එම එන්නත එළිදැක්වෙන්නේ "ඒරිස්" නම් තවත් කොවිඩ් ප්‍රභේදයක් එරට ව්‍යාප්ත වෙමින් ඇති අවස්ථාවක බව මාධ්‍ය වාර්තා පවසයි.
මෙම නව කොරෝනා ප්‍රභේදය "ඔමික්‍රෝන්" ප්‍රභේදය හා සමානය.
එබැවින් ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වෙතැයි අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් අපේක්ෂා කරයි.
නව එන්නත සාමාන්‍ය උණ සඳහා ලබාදෙන එන්නතක් ලෙස අමෙරිකානුවන් ලබා ගනිතැයි අපේක්ෂා කෙරේ.
එහෙත් 2021 වසරේදී කොවිඩ් එන්නත හඳුන්වාදීමෙන් පසු ඒ සඳහා තිබූ ඉල්ලුම සීඝ්‍රයෙන් පහළගොස් ඇති අතර එරට ජනගහනයෙන් මිලියන 240ක් පමණ එක් කොවිඩ් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ.
එය එරට ජනගහනයෙන් 73%කි.
කොවිඩ් ආසාදනයෙන් අමෙරිකානුවන් මිලියන 1.1ක් මියගොස් ඇති බව දත්ත අනුව පෙනීයයි.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කොවිඩ් වසංගතයේ අවදානම තවමත් පහව ගොස් නොමැති බවය.