WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය 77 වැනි නිදහස් දින උත්සවයෙන්

2023 August 16- Page Views : 865

ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය නිමින්තෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මහත් උත්සවශ්‍රීයෙන් සැමරීය.

කොළඹ ප්‍රධාන උත්සවය ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස වන ‘ඉන්දියා හවුස්’ හිදී පැවැත්විණි.

මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉන්දීය ජාතික ධජය ඔසවමින් ගෞරව සම්මාන මුරයක් පරීක්ෂා කළේය. 77 වැනි නිදහස් දිනයට පෙරාතුව ඉන්දීය ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේ කොටස් ද ඔහු කියවීය.

එහිදී පැමිණ සිටි සියලු දෙනා ජාතිය ගොඩනැගීමට කැපවීමට සහ 2047 වන විට ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවන බවට ප්‍රතිඥා දුන්හ.

සංස්කෘතික අංග කිහිපයක් සැමරුම්වලට රසයක් එක් කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම ධෛර්යය සහ දේශප්‍රේමය සංකේතවත් කරමින් මධුර ස්වර වාදනය ඉදිරිපත් කළේය. මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසුන් විසින් නර්තන ප්‍රසංග දෙකක් ප්‍රදර්ශනය කරන ලදී.

ශ්‍රී ලංකාවේ සාමය සහ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා උත්තරීතර පරිත්‍යාගය කළ ඉන්දියානු සොල්දාදුවන් සිහිපත් කිරීම සඳහා ඉන්දීය සාම සාධක හමුදාවේ ස්මාරකය වෙත ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ නිලධාරීන් ද උපහාර දැක්වූහ.

මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය, යාපනයේ කොන්සල් ජනරාල් කාර්යාලය සහ හම්බන්තොට කොන්සල් ජනරාල් කාර්යාලය විසින් විශේෂ උත්සව සංවිධානය කරන ලදී. ඉන්දියාව 2022 සිට 2047 වන විට ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ඉන්දියාවේ වසර 25 ක පරිවර්තනීය වර්ධනයේ ගමනක් ආරම්භ කර ඇත.්‍