WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හවායි නොගියාට බයිඩන්ට චෝදනාවක්

2023 August 16- Page Views : 864

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලැව් ගිනි තත්ත්වයෙන් දැඩි බලපෑමට ලක්වූ හවායි දුපත් ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවායි දූපත් ප්‍රදේශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නිසි අවධානය යොමු නොවූ බවට ජෝ බයිඩන් ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබිණි. කෙසේවෙතත් තමන් නුදුරු දිනයක දී එම ප්‍රදේශය නිරීක්ෂණයට යන බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. හවායි හී හටගත් ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයන් 101 දෙනෙකු මිය ගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී ඇති අතර, තවත් 1300ක පමණ පිරිසක් අතුරුදන්ව ඇති බව සඳහන්ය.