ඇෆ්ගන් තරුණියන් තලෙයිබාන් පාලනයට එරෙහිව ගත් තීරණය
2023 August 16- Page Views : 844
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ අධ්‍යාපනයට සීමා පැනවීම හේතුවෙන් ගත වු කාලය තුළ කාන්තාවන් සිය ගණනක පිරිසක් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විදෙස් ගත වී ඇති බව වාර්තා වේ.
2021 වසරේ අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්තාන පාලනය ලබා ගත් තලෙයිබාන් සංවිධානය කාන්තාවන් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය සීමා කිරීම ඇතුළු කොන්දේසි රැසක් පනවනු ලැබීය.
මේ හේතුවෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අරමුණින් තරුණියන් 450 දෙනෙකු පමණ ගතවු කාලය තුළ විදෙස් ගත වී ඇති බව වාර්තා වේ.
තලෙයිබාන් පාලනයේ කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් එම තරුණියන්ට සිය රට වෙත යළි පැමිණීමට හෝ මව්පියන් ඇතුළු ඥාතීන් හමුවීමේ අවස්ථාව ද මේ හරහා අහිමිවනු ඇති බව සඳහන්ය.
මේ අතර ඇෆ්ගනිස්තානයේ පාලනය ලබාගෙන වසර දෙකක් සැපිරීම හේතුවෙන් ඊයේ තලෙයිබාන් සංවිධානය විසින් එරට තුළ සැමරුම් උත්සව සංවිධානය කර තිබු අතර රජයේ නිවාඩු දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.