WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බටහිර අප්‍රිකානු මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක සිටි 60ක් මරුට

2023 August 17- Page Views : 844

බටහිර අප්‍රිකානු මුහුදු ප්‍රදේශයේ සංක්‍රමණයින් රැගත් යාත්‍රාවක සිටි පුද්ගලයින් 60 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

අදාළ යාත්‍රාව සංක්‍රමණිකයින් සිය දෙනෙකු පමණ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යාත්‍රාව මාසයකට අධික කාලයක් මුහුදේ යාත්‍රා කරමින් තිබී ඇති අතර එය ගසාගෙන ගොස් පෙරළී අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.

යාත්‍රාවේ සිටි පුද්ගලයින් 38 දෙනෙකු මුදාගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

සෙනගල් සහ සියෙරා ලියෝන් රටවල පුද්ගලයින් මෙම යාත්‍රාවේ සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.