බටහිර කැනඩාවේ ලැව්ගිනි උත්සන්න වෙයි
2023 August 20- Page Views : 844
බටහිර කැනඩාවේ ලැව්ගිනි උත්සන්න වීමත් සමඟ කෙලෝනා නගරය ආශ්‍රිතව ජීවත්වන පුද්ගලයන් 30,000කට අධික පිරිසක් ඉන් ඉවත් කර තිබේ.
විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ, බටහිර කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ ලැව් ගින්නක් කෙලෝනා නගරයට පැතිරගොස් ඇති බවයි.
මේ හේතුවෙන් එම නගරයේ පිරිසක් තාවකාලිකව ඉවත් කර ඇති අතර, තවත් පිරිසකට අනතුරු ඇඟවීම් ද කර ඇති බව වාර්තා වෙයි.
කැනඩාවේ ලැව්ගිනි පැතිර ගිය නව නගරය බවට කෙලෝනා නගරය පත්ව ඇති අතර, නගරය ඝන දුමාරයෙන් වැසී ගොස් ඇති බව සඳහන්ය.
මේ වන විට කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් අක්කර මිලියන ගණනක භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.