රුසියන් යානය සඳට කඩා වැටේ
2023 August 20- Page Views : 844
රොස්කොස්මොස්’ රුසියන් අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය, සඳට කඩා වැටුණි. රොබෝ යානය හෙට (21) දිනයේ සඳට පතිත කිරීමට නියමිතව තිබුණි.
රුසියන් විද්‍යාඥයන් අවශ්‍ය උපදෙස් ලබා දෙමින්, ‘ලූනා 25’ යානය සඳට පතිත කිරීමට හසුරුවද්දී එය සඳට කඩා වැටුණු බව පැවැසෙයි. ඒ අනුව, වසර 47 කට පසු සඳට යානයක් යැවීමට රුසියාව ගත් උත්සාහය අසාර්ථක විය.
අගෝස්තු 11 වැනිදා, රුසියාවේ ‘සොයූස් 2’ රොකට්ටුවේ ආධාරයෙන් අභ්‍යවකාශයට තල්ලු කෙරුණු ‘ලූනා 25’ යානය සඳුගේ කක්ෂයට පිවිසියේ පසුගිය 16 වැනිදාය.
කුඩා මෝටර් රථයක් තරම් වූ ‘රොස්කොස්මොස්’ යානය, නිපදවීමට රුසියන් රූබල් මිලියන 100 ත් 200 ත් අතර මුදලක් වැය විය.
මේ වනවිට ඉන්දියාව සඳ ගවේෂණයට යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය ද සඳුගේ කක්ෂයට පිවිස සිටී. ඉන්දීය යානය සඳට පතිත කරන්නේ එලැඹෙන 23 වැනිදාය.