ජාත්‍යන්තරයට ගිය පුංචි බෝනික්කි
2023 August 21- Page Views : 844
සංස්කෘතික බෝල්කන් බෝනික්කන් නිර්මාණය කරන පුංචි දැරියක් පිළිබඳව බොස්නියාවෙන් වාර්තා විය.
ඇය 11 හැවිරිදි එස්මා නම් බොස්නියානු ජාතික දැරියයි.
එස්මා මෙලෙස බෝනික්කන් නිර්මාණය කිරීම ආරම්භ කර ඇත්තේ මීට මාස එක හමාරකට පමණ පෙරදීය.
විශේෂත්වය වන්නේ ඇයගේ බෝනික්කන් තම රටේ ප්‍රචලිතවීමට අමතරව බ්‍රිතාන්‍ය ඇතුළු විදෙස් රටවල් කිහිපයකට ද මේ වනවිටත් අපනයනය කර තිබීමය.
ඇයගේ බෝනික්කන් ඉතාම කෙටි කාලයකින් ප්‍රචලිත වීමට හේතු වී ඇති තවත් කාරණයක් වන්නේ ඇයගේ මෙම බොනික්කන් බෝල්කන් සංස්කෘතිය පිළිඹිබු වන අයුරින් නිර්මාණය කර තිබීමය.
එස්මා පවසන්නේ, බොස්නියාවේ සාප්පුවල අලෙවිය වෙනුවෙන් තබා ඇති බෝනික්කන් ප්‍රමිතියෙන් අවම වන අතර ම ඒවායේ ආකර්ශනයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස බෝනික්කන් නිර්මාණය කිරීමට පෙළැඹුනු බවය.
එස්මා නිර්මාණය කරන බෝනික්කන් වෙනුවෙන් ඇඳුම් මෙන්ම හිස් පළඳනා ද නිර්මාණය කරන්නේ එස්මා විසින්මය.
ඒ අනුව මුස්ලිම්, ක්‍රිස්තියානි සහ කතෝලික සංස්කෘතිය පිළිඹිබු කරන බෝනික්කන් නිර්මාණය කිරීම කෙරෙහි ද එස්මා අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි.