වසර 84කට පසු අමෙරිකාවට කඩා වැදුණු හිලරි
2023 August 21- Page Views : 844
වසර 84කට පසු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ පළමු නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් ප්‍රාන්තයට ජලගැලීම් ආපදාවක් බලපා තිබේ.
හිලරි සුළි කුණාටුව හේතුවෙන් හටගත් ජලගැලීම්වලින් දකුණු දිග කැලිෆෝනියා හි මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
පැයට කිලෝ මීටර් 119ක වේගයකින් සුළි කුණාටුව ඊයේ ගොඩබිමට ඇතුළු වූයේ මෙක්සිකෝවේ බජා කැලිෆෝනියා අර්ධද්වීපයෙනි.
ආපදාවලින් දැනට මෙක්සිකෝවේ අයෙක් මියගොස් ඇති අතර තවත් 5 දෙනෙකු ජලයේ ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ.