උතුරු කොරියාවේ අලුත්ම සුදානම
2023 August 22- Page Views : 844
උතුරු කොරියාව මෙම මස තුළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරි සතිය තුළ එම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමට තීරණය කර ඇති බවය.
මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව ජපානයේ වෙරළාරක්ෂක බළකායට ද දැනුම් දී තිබේ.
කලාපය තුළ වර්ධනය වන එක්සත් ජනපද මිලිටරි ක්‍රියාකාරකම් හේතුවෙන් ඔත්තු චන්ද්‍රිකාවක් ලෙස මෙය නිපදවා ඇති බව උතුරු කොරියාව පවසයි.
මෙම චන්ද්‍රිකාව පසුගිය මැයි මාසයේ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර තිබුණ ද එම උත්සහය අසාර්ථක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.