WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වගා හානිය ගැන උතුරු කොරියානු නායකයා නිලධාරීන්ට දෙහි කපයි

2023 August 22- Page Views : 741

තම රට තුළ ඇතිවූ ගංවතුර තත්ත්වයේදී වගාවන් බේරාගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා එරට නිලධාරීන්ට චෝදනා කර තිබේ.

කිම් ජොන්ග් අන් පවසා ඇත්තේ එම නිලධාරීන් උතුරු කොරියාවේ ආර්ථිකය විනාශ කර ඇති බවය.

නිලධාරීන් එම උවදුරට වගකීම් විරහිත ලෙස ප්‍රතිචාර දක්වා තිබූ බව ඔහු පැවසීය.

උතුරු කොරියානු ජනාධිපතිවරයා ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව තිබූ කුඹුරු නිරීක්ෂණය සඳහා එක්වී තිබේ.

එහිදී ඔහු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ද දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබුණි.