WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කේබල් කාර් රථයේ සිරවී සිටි සියලුදෙනා බේරා ගැනේ

2023 August 23- Page Views : 741

ඊසානදිග පාකිස්තානයේ කේබල් කාරයක සිරවූ ළමයින් ඇතුළු පිරිස මුදාගැනීමට පාකිස්තාන යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් සමත්ව තිබේ.

ඒ හෙලිකොප්ටර් යානයක් යොදාගෙන පැය කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ මෙහෙයුමකින් අනතුරුවය.

පොළොවේ සිට අඩි 900ක් ඉහළින් මෙම කේබල් රථය නැවතී ඇති අතර එහි ළමයින් හයදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකු සිරවී තිබුණේ ඊයේ (22) උදෑසන ය.

ඔවුන් කයිබර් පක්තුන්ක්වා හි බට්ටාග්‍රාම් දිස්ත්‍රික්කයේ පිහිටි දොරුවක් පසුකරයාම සඳහා මෙම කේබල් කාරය භාවිත කර තිබුණි.

අනතුර සිදුව තිබුණේ ඔවුන් උස් කඳුකරයේ සිට පහත් බිමක පිහිටි පාසලක් වෙත යමින් සිටියදී බව වාර්තා වුණි.

ඉන් අනතුරුව මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වුයේ පාකිස්තාන භාරකාර අගමැතිවරයාගේ නියෝගය මතය.

දිවා කාලයේ මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගැණුනු අතර, රාත්‍රී කාලයේ දී එම මෙහෙයුම් අත්හිටුවීමට සිදුව තිබුණි.

ඉන් පසුව කේබල් කාරය ඇදවැටීම වැළැක්වීමට කේබල් යොදා ආරක්ෂාව තර කළ අතර ඉතිරි පිරිස් මුදාගැනීම ඉන් අනතුරුව ආරම්භ වුණි.

සම්පූර්ණ මෙහෙයුම සඳහා ගතවූ කාලය පැය 12කි.